පේෂ ආශ්‍රිත නිෂ්පාදනයන් සඳහා ඇණවුම් ලබා ගැනීම

පළාතේ රැකියා විරහිත පිරිස් හට රැකියා අවස්ථා ලබා දීමත්. පාසැල් හැර  යන්නන් හට වෘත්තීය පුහුණුව ලබා දීම තුලින් සමාජගත කිරීමත් මෙම දෙපාර්තමේන්තුවේ එක් අරමුණකි.

මෙහිදී බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පේෂ නිෂ්පාදන හා පුහුණු මධ්‍යස්ථාන වෙතින් පුහුණුව ලබා අවසන් කරනු ලබන කාර්මික පිරිස්  වෙත රැකියා ලබා දීමේ අරමුණින් රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේද පේෂ ආශ්‍රිත නිෂ්පාදන සදහා ඇණවුම් භාර ගැනීමත් අවශ්‍ය නිෂ්පාදනයන් ඉටු කර දීමත් මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

ඒ අනුව රාජ්‍ය අංශයේ ආයතනයන් සඳහා නිල ඇඳුම් සඳහා සාරි , කමිස රෙදි , තිර රෙදි සපයා සවිකරදීම , මේස රෙදි, ඇඳරෙදි (54”x90”, 72”x90”,80”x90”,108”x94” පළල), කොට්ටඋර, ඩස්ටර් , සර්වියට්, රෝහල් සඳහා අවශ්‍ය ඇඳරෙදි (54”x90”, 72”x90”,80”x90”,108”x94” පළල) ,  GS තුවා, සර්ජන් ගවුම් , සර්ජන් කමිසය / කලිසම ආදි ආදි නිෂ්පාදන සැපයීම කිරීමේ හැකියාව පවතී. මීට අමතරව ඔබගේ අවශ්‍යතාවය අනුව ඉල්ලූම් කරන නිෂ්පාදන සඳහා ඇණවුම් භාරගෙන නිෂ්පාදන සිදුකර ලබාදීමේ හැකියාවද පවතී.

මේ පිළිබඳව අදාල සියළු ආයතන හා අංශ දැනුවත් කරන ලෙසත්, ඔබගේ අවශ්‍යතාවයන් අප වෙත නොපමාව ඉදිරිපත් කරන ලෙසත් කාරුණිකව දන්වා සිටිමි.