කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සමාජ මෙහෙවර

බස්නාහිර පළාත තුල ජනතාව උදෙසා තම ධෛර්යෙන් නැගී සිටීමට දේශිය කර්මාන්ත හඳුන්වාදෙමින් ඔවුන්ගේ හැකියාවන් රැකියාවන් බවට ප්‍රවර්ධනය කල අප දෙපාර්තමේන්තුව මඟින් මෙවර ස්වකීය මෙහෙවර අබාධිත, පුර්ණ අබාධිත හා මන්ද මානසික දරුවන් වෙනුවෙන් ඉටුකිරීමට සෑදී පැහැදී සිටී. මෙමඟින් ඔවුන්ට ස්වකීය ජීවන වෘත්තිය ලෙස ස්වයං රැකියාවක නිරත වීමට අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබාදීමට ඉඩ පහසුකම් සලසා දී ඇත. එමෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා විශේෂ වෙළඳපලක් ද අප දෙපාර්තමේන්තුව මඟින් නිර්මාණය කර දී ඇත
සමාජයේ අවධානයට යොමු නොවනා මන්ද මානසික හා අබාධිත දරුවන්ගේ සුභසිද්ධිය උදෙසා අප දෙපාර්තමේන්තුව බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඉටු කරනා සමාජ මෙහවරක් ලෙස ගල්පාත සුඛිත ළමා නිවාසය පෙන්වා දිය හැක.
මොවුන් සඳහා ආරම්භ කර ඇති පාඨමාලා

  • චිත්‍ර පාඨමාලාව – පාසල් වයසේ පසුවන මෙවන් වු දරුවන් 20 දෙනෙක් සඳහා හඳුන්වා දී ඇත.
  • රෙදි පින්තාරු ශිල්පය, පල්ප් වැඩ ආදී වු නිර්මාණාත්මක අත්වැඩ පුහුණු කිරීමේ කෙටි කාලීන පාඨමාලා.
  • මැටි හා කොහු ආශ්‍රිත කර්මාන්ත පාඨමාලා – ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

එකිනෙකා පරයමින් හැල්මේ දුවනා සමාජ පද්ධතියක් තුල මදක් නැවතී මෙවන් වු දරුවන් වෙනුවෙන් තමන්ට හැකි අයුරින් උපකාර කිරීමට හෝ මෙම ළමා නිවාසයෙහි අවශ්යමතාවයන් පරිපුර්ණය කිරීමට ඔබට හැකියාවක් ඇත්නම් නොපමාව සුඛිත ළමා නිවාසය 0342251490 අමතන්න.
තවද ඔබ විසින් පවත්වාගෙන යනු ලබන හෝ අලුතින් ස්ථාපනය කිරීමට අපේක්ෂිත හෝ මෙවන් මධ්‍යස්ථාන සඳහා පුහුණු වැඩසටහන් අවශ්යථ වන්නේ නම් නොපමාව බ.ප කර්මාන්ත දෙපාර්තමේන්තුවේ පුහුණු අංශය 0113049208 අමතන මෙන් කාරුණිකව දන්වමි.