නිෂ්පාදන අංශය පිළිබඳව හැදින්වීම

  • උසස් අධ්‍යාපනය සදහා යොමු නොවූ තරුණ තරුණියන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා උපරිම මට්ටමින් දායක කර ගැනීම සදහා නුපුහුණු ශ්‍රමය පුහුණු ශ්‍රමය බවට පරිවර්තනය කිරීම මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධානම කාර්යය භාරයකි.
  • මෙම අරමුණ ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන් බස්නාහිර පළාත තුල පිහිටුවා ඇති වෘත්තීය පුහුණූ මධ්‍යස්ථාන වෙතින් පුහුණුව අවසන් කරන තරුණ පිරිස් සමාජගත කිරීම කර්මාන්ත දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන අංශය මගින් සිදු කෙරේ.
  • රැකියා විරහිත පිරිස් හට රැකියා අවස්ථා ලබා දීමත් පුහුණූ පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන්ට ඔවුන් ලබා ගත් පුහුණුව වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව ලබා දීමත්  අරමුණු කොට ගෙන පේෂ කර්මාන්ත මධ්‍යස්ථාන හා කුඩා කර්මාන්ත නිෂ්පාදන මධ්‍යස්ථාන ආරම්භ කර ඇත.
  • මෙම මධ්‍යස්ථානයන්හි සේවයේ නියුතු කාර්මික කාර්මිකාවන් සදහා නිෂ්පාදනය කරනු ලබන කෑලි ප්‍රමාණය අනුව හා දෛනික වැටුප් ලැබීමේ පදනම මත නිෂ්පාදන කටයුතු වල නියැලීමට අවස්ථාව සලසා ඇත.
  • මෙහිදී නිෂ්පාදන කාර්යයට දායක වන නිෂ්පාදන ආයතන සංඛ්‍යාව 96 කි. බස්නාහිර පළාත තුල විසිරී ඇති මෙම නිෂ්පාදන ආයතනයන්හි කාර්මික පිරිස් 500 කට ආසන්න සංඛ්‍යාවක් සදහා රැකියා අවස්ථා ලබා දීමට කර්මාන්ත දෙපාර්තමේන්තුව සමත් වී ඇත.
  • මෙහිදී අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත නිෂ්පාදන ඇතුළු උසස් ගුණත්වයෙන් යුත් විවිධ නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දිමටද පළාතේ පාසැල් හා දහම්පාසැල් වෙත අවශ්‍ය ඩෙස්ක්, බංකු ඇතුළු  විවිධ නිෂ්පාදනයන් සිදු කිරීමද මෙම අංශය මගින් සිදු කෙරේ.