අලෙවි අංශය පිළිබද හැදින්වීම

කර්මාන්ත දෙපාර්තමේන්තුව සතු නිෂ්පාදන ආයතනයන්හි නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ අයිතමයන් හා බස්නාහිර පළාත් තුල පදිංචි හස්ත කර්මාන්ත කරුවන් විසින් නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ අයිතමයන් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම වෙනුවෙන් අවශ්යව කටයුතු සිදු කිරීම අලෙවි අංශය මගින් සිදු කරයි.
ක්රාෆ්ට් ලංකා අලෙවි සැල් – පළාත පුරා ක්රාෆ්ට් ලංකා නමින් අලෙවි සැල් 14ක් (කළුතර දිස්ත්රිතක්කය – 05, කොළඹ දිස්ත්රි ක්කය – 04, ගම්පහ දිස්ත්රිමක්කය – 05) අලෙවි අංශය යටතේ පවත්වාගෙන යනු ලබන අතර මෙයට අමතරව ජංගම අලෙවි සැලක්ද ක්‍රියාත්මක වේ. අලෙවි අයිතමයන් ප්‍රධාන වශයෙන් වර්ග 2ක් පවතී.

1 කර්මාන්ත දෙපාර්තමේන්තුව (බ.ප.) සතු මධ්‍යස්ථානයන්හි සිදු කෙරෙන නිෂ්පාදන (අත්යන්ත්‍ර රෙදිපිළි, කොහු, සම්, මැටි)
2 බස්නාහිර පළාත තුල පදිංචි හස්ත කර්මාන්ත ශිල්පීන්ගෙන් මිළදී ගනු ලබන නිෂ්පාදන

උක්ත අලෙවි සැල් හරහා අලෙවි කටයුතු සිදු කිරීමේදී පහත ක්‍රමයන් අනුගමනය කරයි.

1 එදිනෙදා අත්පිට අලෙවිය
2 ණය සහන පදනම මත අත්යන්ත්‍ර රෙදිපිළි රාජ්ය සේවකයින් වෙත අලෙවි කිරීම.
3 ඇනවුම් මත අලෙවිය.

ඉහත ක්‍රමයන් මගින් ක්රාෆ්ට් ලංකා අලෙවි සැල් හරහා සිදු වන සාමාන්යි වාර්ෂික මුළු අලෙවිය රු මිලියන 90ක් පමණ වේ.
අලෙවි වූ භාණ්ඩ වෙනුවෙන් සාමාන්ය යෙන් රු මිලියන 6ක පමණ මුදලක් වාර්ෂිකව හස්ත කර්මාන්ත ශිල්පීන් වෙත ගෙවීම සිදු කරනු ලබයි.